![]() |
![]() |
![]() |
![]() |
ජ්‍යාතන්තර පොල් ප්‍රජාවේ (International Coconut Community) 60 වන සැසිවාරය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වුනි. ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, ජැමෙයිකාව, පිලිපීනය, තායිලන්තය, වියට්නාමය ඇතුලු රටවල් 21 ක නියෝජිතයන් 70 දෙනෙකු මීට සහභාගී විය.
දින 7ක් පුරා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති මෙම සැසිවාරයේදී පොල් කර්මාන්තය ආශ්‍රිත නවීන තාක්ෂණය යොදා ගැනීම, වගාව ආශ්‍රිත ගැටලු, වෙළදපල හා අගය එකතුකිරීම, නව පර්යේෂණ හා ජ්‍යාතන්තර සහයෝගීතාවය ආදී විවිධ කරුණු සාකච්ඡා කරනලදී. සැසිවාරයේ ආරම්භය සනිටුහන් කරන ලද්දේ වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසිනි. අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිතුමා ඇතුලු දෙස් විදෙස් ආරාධිතයන් රැසක් මේ අවස්‍ථාව සදහා සහභාගී විය
සැසිවාරයේදී අදහස් දක්වමින් ලෝක පොල් ප්‍රජාවේ විධායක අධ්‍යක්ෂිකා ජෙල්ෆිනා ඇලොයිකා මහත්මිය ඉතා සාර්ථක සැසිවාරයක් පැවැත්වීම සදහා දායකවූ සියලු දෙනාට සිය ස්තූතිය පළ කලාය.




.jpg)
.jpg)
.jpg)
.jpg)