| |
|
පසුගිය සඳුදා (09)වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී, ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්රමුඛත්වයෙන්, අමාත්‍යංශ ලේකම්, ප්‍රංශ නියෝජිතයින්, ව්‍යාපෘති කණ්ඩායම්, සහ ශ්‍රී ලංකා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් RIVER ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
RIVER (Improvement of Value Chain & Embedded Smallholders Resilience) ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ කුඩා රබර් වතු හිමියන් 6,000 දෙනෙකුගේ ආර්ථික, සමාජීය, සහ පාරිසරික කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතිය මගින් බඩල්කුඹුර සහ මැදගම ප්‍රදේශවල කුඩා රබර් වතු හිමියන්ට විශේෂිත තාක්ෂණික පුහුණු වැඩසටහන් සහ ඩිජිටල් විසඳුම් ලබා දී, ආදායම් විවිධාකරණය සහ රබර් කර්මාන්තයේ ආරක්ෂිත වැඩ පද්ධති ශක්තිමත් කිරීමට කටයුතු කරයි.
මෙම ව්‍යාපෘතිය ප්‍රංශ තානාපති කාර්යාලය, Michelin Group, සහ ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයගේ සහය සමඟ ප්‍රංශ ආර්ථික අරමුදල් මූල්‍ය ආධාරයෙන් සංවර්ධනය කර තිබේ. Ksapa නම් ප්‍රංශ සංවිධානයක් මඟින් මෙය ප්රමුඛත්වයෙන් ක්‍රියාත්මක කරන අතර, රබර් පර්යේෂණ ආයතනය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, සහ රාජ්‍ය-පුද්ගලික හවුල්කරුවන්ගේ සහයෝගයද ලබාගෙන ඇත.
-- අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය --



