ri1  ri2

ඇමරිකානු තානාපතිනිය ජුලි චන්ග් ( Julie Chung ) මහත්මිය සමග මාර්තු මස 25 වන දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදි විශේෂ හමුවක් සිදු විය.

එහිදි නව රජය විසින් වතුකර ජනතාවට නිවාස සහ වෙනත් ප්‍රතිලාභ ලබා දීමේ දි පෙර මෙන් පක්ෂ පාට නොබලා සාධාරණව ක්‍රියා කිරිම පිළිබඳව තනාපතිනිය සිය ප්‍රසාදය පල කළාය. එමෙන්ම ඉදිරියේදි මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා තේ, පොල්, රබර් යන ක්ෂේත්‍රයන්වල සිදු කල යුතු නව්‍යතාවන් පිළිබඳව ද මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සම්බන්ධතා වර්ධනය කර ගැනිමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් තනාපතිනිය අවධාරණය කළාය.

නව රජයේ මැති ඇමතිවරු අඳින ඇදුමෙන් පවා පෙනෙන්නේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම වැඩකට සුදානම් යන්න තමාට හැඟෙන බවත් ඒ පිළිබඳ තමා අතිශය සතුටට පත්වන බවත් තානාපතිනිය මෙහිදි සඳහන් කළාය. තම දෙමාපියන්ද කොරියාවේ සම්භවයක් සහිතව ඇමරිකාවට පැමිණ ඉතා දුෂ්කර තැනකින් ජිවිතය පටන් ගත් අය බවත්, තමාද එම දුෂ්කරත්වය අත්විඳ අද තනාපතිනියක් දක්වා පැමිණි බව සඳහන් කර ජුලි චන්ග් මහත්මිය බදුල්ල වැනි දුෂ්කර පළාතක සිට අති දුෂ්කරව ජීවිතය පටන්ගෙන අදවන විට රටට වැඩ කරන අමාත්‍යවරයකු ලෙස කටයුතු කිරිම පිළිබඳ සතුට පල කල ඇය දෙරට අතර මිතුදම තවදුරටත් ශක්තිමත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තී මහතා සහ තනාපති කාර්ය මණ්ඩල නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.