තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) මණ්ඩලය

මහජනතාව වෙත කරන නිවේදනයයි!

තේ, රබර් සහ පොල් ඉඩම් කැබලි වීමෙන් ජාතික ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීමේ අරමුණින් 2005 අංක 20 දරන තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම) පාලන (සංශෝධන) පනතින් සංශෝධිත 1958 අංක 02 දරන තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) පනත හඳුන්වා දී ඇත.

පවතින නීති රාමුව තුළ හෙක්ටයාර් 4 කට නොඅඩු පොල් ඉඩමක සහ හෙක්ටයාර් 20 කට නොඅඩු රබර් සහ තේ ඉඩමක අයිතිය මාරු වන අවස්ථාවක දී තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) මණ්ඩලයෙහි එකඟතාව ලබා ගත යුතු අතර, එසේ එකඟතාව ලබා නොගත් පැවරීම් මෙම පනතට අනූව ශූන්‍ය සහ බල රහිත පැවරීම් වේ.

නමුත් වර්තමානයේ කිසිඳු සැලැස්මකින් තොරව විවිධ ව්‍යාපෘති සඳහා තේ, පොල්, රබර් වගාවන් පවතින ඉඩම් කැබලි කිරීම සහ පවතින වගාවන් ඉවත් කිරීම සිදු වන බැවින් පවතින නීති සංශෝධනය කර වගාවන් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව ඉස්මතුව ඇත.

ඔබගේ අදහස් හා යෝජනා අපට එවන්න!

2005 අංක 20 දරන තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම) පාලන (සංශෝධන) පනතින් සංශෝධිත 1958 අංක 02 දරන තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඔබගේ අදහස් සහ යෝජනා පහසු භාෂා මාධ්‍යකින් (සිංහල/දෙමළ/ඉංග්‍රීසි) 2025.08.15 දිනට පෙර ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. එය ඔබගේ අනන්‍යතාවය සහිතව හෝ රහිතව ඉදිරිපත් කළ හැකි අතර, ඔබ ලබා දෙන අදහස් අපි ඉතා අගය කොට සලකමු.

ඔබේ අදහස් සහ යෝජනා එවිය හැකි මාර්ග:

  • විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  • දුරකතන අංකය: 011 2186200
  • ලිපිනය:
    තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන ) මණ්ඩලය,
    10 වන මහල, සෙත්සිරිපාය දෙවන අදියර,
    බත්තරමුල්ල

වැඩි විස්තර සඳහා:
නියෝජ්‍ය අධ්‍යක්ෂ
තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) මණ්ඩලය
දුරකථන අංකය: 011 2186200

සභාපති
තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) මණ්ඩලය