අභ්‍යන්තර කටයුතු ඒකකය
රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින් අල්ලසෙන් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීම සඳහා ජනාධිපති ලේකම් විසින් නිකුත් කරන ලද අංක PS/SB/Circular/2/2025 හා 2025.02.18 දිනැති චක්‍රලේඛය අනුව අල්ලස් හා දූෂණ වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) සහ 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත අනුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවන ලදී.
පැමිණිලි ඉදිරිපත් කිරීම
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සේවයේ නියුතු නිලධාරියෙකු සම්බන්ධයෙන් හෝ සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් හෝ වන අක්‍රමිකතාවයක්, දූෂණයක් හෝ වංචාවක් ඔබ දැනුවත්ව සිදු වන්නේ නම්, නාමිකව හෝ නිර්නාමිකව ඒ පිළිබඳ තොරතුරු/පැමිණිලි පහත ක්‍රමවේද ඔස්සේ අභ්‍යන්තර කටයුතු ඒකකයට ඉදිරිපත් කළ හැකිය.
- විද්‍යුත් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
- දුරකථන අංකය - 0702200616
- Whatsapp අංකය - 0702200616
- ලිපිනය - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, 11වන මහල, සෙත්සිරිපාය දෙවන අදියර, බත්තරමුල්ල.
අභ්‍යන්තර කටයුතු ඒකකයේ සංයුතිය
| අභ්‍යන්තර කටයුතු ඒකකයේ තනතුර | නම | තනතුර |
|---|---|---|
| ඒකකයේ ප්‍රධානි | අරුණි එස්. රණසිංහ මිය | අතිරේක ලේකම් (පාලන) |
| සුපිළිපන්න නිලධාරි | බී. සුමිත් පෙරේරා මයා | අධ්‍යක්ෂ (සැලසුම්) |
| සාමාජික | පී. චාමිකා මුම්මුල්ලගේ මිය | ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් |
| සාමාජික | කේ.ඒ.සී. ශාමන්ත මයා | ප්‍රධාන අභ්‍යන්තර විගණක |
| සාමාජික | ආර්.සී. වටවල මයා | අධ්‍යක්ෂ (සංවර්ධන I) |
| සාමාජික | ආචාර්ය එන්.පී.එස්. ද සිල්වා මිය | අධ්‍යක්ෂ (කෘෂි) |
| සාමාජික | වී. තවරාසා මයා | ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් |
| සාමාජික | එච්.ඒ.ඊ. සෝමරත්න මිය | අධ්‍යක්ෂ |
| සාමාජික | වයි.පී.සී.සී.කේ. පතිරණ මිය | ප්‍රධාන ගණකාධිකාරී |
| සාමාජික | ටී.යූ.ජී. රත්නායක මිය | නියෝජ්‍ය අධ්‍යක්ෂ (වැ.බ.) |
| සාමාජික | පී.එම්.ඩබ්. ගමගේ මිය | නියෝජ්‍ය අධ්‍යක්ෂ |
| සාමාජික | ජී.ජී.එම්. සිතාරි අබේවික්‍රම මිය | සහකාර ලේකම් |
| සාමාජික | ඩබ්. තිලකරත්න බණ්ඩාර මයා | සහකාර අධ්‍යක්ෂ |
| සාමාජික | එච්.එම්.බී.පී. වීරසිංහ මයා | සහකාර අධ්‍යක්ෂ |
| සාමාජික | ජී.එන්. ධනංජනී මිය | සහකාර අධ්‍යක්ෂ |
අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු
- ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
- ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
- ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
- විෂමාචාර වාර්තා කිරීම දිරි ගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
- නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.
අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි වගකීම් සහ කාර්යයන්
- ආයතනය තුළ පවතින පද්ධතිමය බාධාවන් (systemic bottlenecks) හඳුනාගැනීම සඳහා වත්මන් ක්‍රියාපටිපාටි සහ චක්‍රලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
- දූෂණ අවදානම් ඇගයීම් (Corruption Risk Assesment) සිදු කිරීම මඟින් ආයතනය තුළ දූෂණයට හා සදාචාර විරෝධී හැසිරීම්වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනාගැනීම සහ ඉලක්කගත වැළැක්වීමේ පියවර ගැනීම.
- ආයතනයේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස්කරන ලද නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික සුපිළිපන්න ක්‍රියාකාරී සැලස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
- ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළගස්වමින් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ගවලට අනුකූල වීම.
- 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දූෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලතාව ඇගයීම සඳහා අනුකූලතා සමාලෝචන (Compliance Assessments) සිදු කිරීම සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම.
- සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සේවානියුක්තිකයින් සඳහා වත්කම් ප්‍රකාශන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුකූලව බැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීම.
- ආයතනය තුළ දූෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමණාකරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම, එවැනි සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනම් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් විමසීම් සිදු කරන අදාළ පාර්ශවකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම. අවශ්‍ය පරිදි, දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනය සඳහා අදාළ කරුණු සොයාගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
- ආයතන විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්‍රඥප්තියක් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කිරීම.
- රාජ්‍ය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්‍රමිතිගත ආචාර ධර්ම සංග්‍රහයක් ඇතුළුව, සදාචාරාත්මක පාලන ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.
- දූෂණ විරෝධී මූලධර්මවලට කැපවී සිටීමට අභිප්‍රේරණයක් ලෙස කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම.
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ජාතික දූෂණ විරෝධී රාමුව මඟින් මෙහෙයවනු ලබන සුපිළිපන්න ඇගයීම් ක්‍රියාවලීන් සඳහා ආයතනය සහභාගී වන බව සහ ඒ සමඟ පෙළගැසෙන බව සහතික කරමින්, ජාතික දූෂණ විරෝධී සුපිළිපන්න ඇගයීම් (National Anti-Corruption Integrity Assesment) සඳහා ආයතනික කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කිරීම.
- ඒකකයේ රාජකාරි ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩ මගපෙන්වීම් සහ සහාය ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
- අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී මුලපිරීම්වල ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සාරාංශගත කරමින් කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.
- පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.