වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් එහි දෙවන අදියර (Stage 2) නිල වශයෙන් ආරම්භ කර තිබේ. මේ යටතේ අමාත්‍යාංශය සතු ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB), ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC) සහ ඇල්කඩුව වැවිලි සමාගම (EPL) යන ආයතන සතු ඌණ උපයෝජිත ඉඩම් හා දේපළ ප්‍රශස්ත ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ආයෝජන අවස්ථා සඳහා සුදුසුකම් ලත් දේශීය ආයෝජකයින්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් (EOI) දැනටමත් කැඳවා ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මොනරාගල, කෑගල්ල සහ ගාල්ල වැනි දිස්ත්‍රික්කවල පිහිටි විශාල වතු ඉඩම්, තේ කර්මාන්තශාලා සහ බංගලා සඳහා ආයෝජන කිරිම සඳහා අවස්ථාව ඇත.

මේ සඳහා වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න

Click here for more information