පොල් කර්මාන්තය සඳහා දස අවුරුදු මාර්ග සිතියමක් සහ පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්මක් සඳහා මහජන උපදේශනය

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන ආයතනය (UNIDO) විසින් මූල්‍ය අනුග්‍රහය ලබා දෙමින් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (Institute of Policy Studies) සම්පත් පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය සඳහා දස අවුරුදු සහ පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්මක් 2025 වර්ෂයේදී ආරම්භ කරන ලදී.

  1. මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණ වන්නේ 2030 වර්ෂය වන විට පොල් කර්මාන්තයෙන් ලැබෙන අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.5 දක්වා ඉහළ නැංවීම සහ රටේ වාර්ෂික පොල් අස්වැන්න බිලියන 4.2 දක්වා වැඩි කිරීමයි.
  2. මෙම සැලැස්ම පොල් කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡා, කර්මාන්තකරුවන්, පර්යේෂකයන්, රාජ්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ අදහස් ලබාගෙන සකස් කර ඇත. එහි කෙටුම්පත මහජන අදහස් සඳහා ප්‍රකාශයට පත් කර ඇති අතර අදාළ ගැසට් පත්‍රය සහ කෙටුම්පත පහත සඳහන් සබැඳියෙන් ලබාගත හැක.
  3. මෙම කෙටුම්පත තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඔබගේ අදහස් හා යෝජනා ඉතා වැදගත් වන බැවින්, පහත දක්වා ඇති ආකෘතිය අනුව ලිඛිතව හෝ විද්‍යුත් තැපෑලෙන් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත හෝ ෆැක්ස් අංක 011-2186093 වෙත යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.