සබඳතා ශක්තිමත් කිරීම: ඇමරිකානු තානාපතිනිය වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හමුවෙයි
![]() |
![]() |
ඇමරිකානු තානාපතිනිය ජුලි චන්ග් ( Julie Chung ) මහත්මිය සමග මාර්තු මස 25 වන දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදි විශේෂ හමුවක් සිදු විය.
එහිදි නව රජය විසින් වතුකර ජනතාවට නිවාස සහ වෙනත් ප්‍රතිලාභ ලබා දීමේ දි පෙර මෙන් පක්ෂ පාට නොබලා සාධාරණව ක්‍රියා කිරිම පිළිබඳව තනාපතිනිය සිය ප්‍රසාදය පල කළාය. එමෙන්ම ඉදිරියේදි මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා තේ, පොල්, රබර් යන ක්ෂේත්‍රයන්වල සිදු කල යුතු නව්‍යතාවන් පිළිබඳව ද මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සම්බන්ධතා වර්ධනය කර ගැනිමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් තනාපතිනිය අවධාරණය කළාය.
නව රජයේ මැති ඇමතිවරු අඳින ඇදුමෙන් පවා පෙනෙන්නේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම වැඩකට සුදානම් යන්න තමාට හැඟෙන බවත් ඒ පිළිබඳ තමා අතිශය සතුටට පත්වන බවත් තානාපතිනිය මෙහිදි සඳහන් කළාය. තම දෙමාපියන්ද කොරියාවේ සම්භවයක් සහිතව ඇමරිකාවට පැමිණ ඉතා දුෂ්කර තැනකින් ජිවිතය පටන් ගත් අය බවත්, තමාද එම දුෂ්කරත්වය අත්විඳ අද තනාපතිනියක් දක්වා පැමිණි බව සඳහන් කර ජුලි චන්ග් මහත්මිය බදුල්ල වැනි දුෂ්කර පළාතක සිට අති දුෂ්කරව ජීවිතය පටන්ගෙන අදවන විට රටට වැඩ කරන අමාත්‍යවරයකු ලෙස කටයුතු කිරිම පිළිබඳ සතුට පල කල ඇය දෙරට අතර මිතුදම තවදුරටත් ශක්තිමත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් සඳහන් කළාය.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තී මහතා සහ තනාපති කාර්ය මණ්ඩල නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
වතුකරයේ පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර 60ක් ස්ථාපිත කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
![]() |
![]() |
![]() |
![]() |
වතුකර පාසල් සඳහා smart class room ( ස්මාර්ට් පන්ති කාමර) 60ක් ඉදි කිරිම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම අද (16) දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් "ප්‍රභාත් චන්ද්‍රකීර්ති" මහතා සහ ඉන්දිය මහ කොමසාරිස් "සන්තෝෂ් ජා" මහතා විසින් ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේදි සිදු කරන ලදි.
මෙරට වතුකර ප්‍රජාවන්හි ඩිජිටල් පරතරය පියවීම සඳහා ගත හැකි පියවරක් ලෙස නුවර එළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල වතුකර පාසල් සඳහා මෙම ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරිමට සැලසුම් කර ඇත. වතුකර පාසල්හී අධ්‍යාපනයේ ගුණාත්මකතාවය ඉහළ නැංවීම මෙහි තවත් සුවිශේෂි අරමුණක් වන අතර ඒ සඳහා ඉන්දිය රජයෙන් ත්‍යාගශීලි මුදල් අධාරයක් ලෙස රුපියල් මිලියන 508 ක් ලබා දී ඇත. එමෙන්ම මෙම ස්මාර්ට් පන්ති කාමර ස්ථාපිත කිරිම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් රුපිලියල් මිලියන 115ක මුදලක්ද වෙන්කොට ඇත.
අධ්‍යාපනය සහ තාක්ෂනය තුළින් අනාගත පරම්පරාව සවිබල ගැන්වීම සඳහා දෙරට කටයුතු කරන බැවින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගැඹුරු මුල් බැසගත් මිත්‍රත්වය සහ සහයෝගිතාවය මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම මගින් අවධාරනය කෙරේ. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙම මුලපිරිම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ අපගේ වතුකර ප්‍රජාවන්හී ඩිජිටල් පරතරය පියවීම සඳහා සුවිශේෂි පියවරක් ලෙසද අවධාරණය කළේය.
අදාළ ස්මාර්ට් පන්ති කාමර ලබාදීමේ ව්‍යාපෘතියට අනුව, මධ්‍යම සහ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සමඟ සහයෝගයෙන් පාසල්වල පවතින පන්ති කාමර ස්මාර්ට් පන්ති කාමර බවට ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවත්, මෙම සුදානම් කිරිමේ කටයුතු මඟින් විෂය මාලාවට ඩිජිටල් ඉගෙනුම් මෙවලම් බාධාවකින් තොරව ඒකාබද්ධ කිරීම සඳහා කටයුතු සුදානම් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් සඳහන් කළේය.
එමේන්ම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරිම සහතික කිරිම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය සහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමගද සහයෝගයෙන් කටයුතු කරන බවද අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් "ප්‍රභාත් චන්ද්‍රකීර්ති" මහතා, ඉන්දිය මහ කොමසාරිස් "සන්තෝෂ් ජා" මහතා ඇතුළු අමාත්‍යාංශ සහ මහකොමසාරිස් කාර්යාල නිළධාරින් පිරිසක්ද සහභාගී විය.
කුරුඳු මංගල්‍ය - 2024
|
|
|
|
2004 වසරේ අප රටේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් පසු ජීවිත හා දේපළ හානි වූ ජනතාවට සෙත් පැතීමේ අරමුණින් හා සුනාමි ව්‍යසනයෙන් හානියට පත් වූ කුරුඳු ඉඩම් අක්කර හාරසීයක් පමණ සංවර්ධනය කර එහි මුල්ඔ අස්වැන්න දෙවියන් උදෙසා පූජා කිරීමේ උත්සවයක් ලෙස ආරම්භ කල ගාල්ල, හික්කඩුව, සීනිගම දෙවොල් දෙවියන් උදෙසා, ප්‍රදේශයේ ජනතාවගේ නැවුම් කුරුඳු අස්වනු පූජා කිරීමේ මාහැඟි උත්සවය මේ මස 21 වන සෙනසුරාදා දහනව වන වතාවටත් උත්කර්ෂවත් අයුරින් සීනිගම දෙවොල් දේවාල පරිශ්‍රයේ දී පවත්වන ලදි.
මෙම මහෝත්සවය එවකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කල ජනක ලින්දර මහතාගේ සංකල්පයක් අනුව එතුමාගේ කාර්ය මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් 2006 දෙසැම්බර් මාසයේ දී පළමු වරට ආරම්භ කරන ලදී.දැනට එතුමන් අධ්‍යක්ෂ ජනරාල් තනතුර හොබවන කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් මෙවර මෙම උත්සවය පවත්වන ලදී.
එමෙන්ම මෙම කාලය තුළ විදෙස් සංචාරකයින් බහුලව ගැවසෙන හික්කඩුව කලාපයේ සිටින සංචාරකයින් අතර ශ්‍රී ලාංකේය කුරුඳු පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රචලිත කිරීම මෙම සත්කාර්යයේ තවත් එක් අරමුණක් වේ.
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමාගේ හා ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සදහා, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් අර්ජුන වේලාරත්න මහතා, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නයනා ද සිල්වා මහත්මිය, ශ්‍රී ලංකා කුළුබඩු කවුන්සිලයේ ඩී. ඒ පෙරේරා මහතා, අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.පී.දිස්නා මෙනෙවිය, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා ඇතුළු දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා කුරුඳු පිළිබඳ ආරක්ෂක භූගෝලීය දර්ශක සංගමය, ගාල්ල දිස්ත්‍රික් කුරුඳු වගාකරුවන්ගේ සංගමය හා ගාල්ල දිස්ත්‍රික් පැල තවාන් කරුවන්ගේ සංගමය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පැල තවාන් ශිල්පීන් ඇතුලු බොහෝ පිරිසක් සම්බන්ධ විය. මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය සී.ස. ඒ බවර් සහ සමාගම විසින් දරණ ලදී.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදිංචි ඉඩම් ලාභීන් 519 දෙනාට ඔප්පු ප්‍රදාන කිරීමේ විශේෂ අවස්ථාව
![]() |
![]() |
වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය මඟින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදිංචි ඉඩම් ලාභීන් 519 දෙනෙකු සඳහා ඔප්පු ලබාදීමේ වැඩසටහන පසුගිය බදාදා (11) හැටන් තොන්ඩමාන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන නව ශ්‍රවනාගාරයේදී පැවැත්වුණි. මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදිප් මහතා, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ක්‍රිෂ්ණන් කලේයිසෙල්වි මහත්මිය, අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, සහ මහනුවර ඉන්දීය සහකාර මහ කොමසාරිස් සාරන්‍යා මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහභාගි විය.
කුඩා රබර් වතු හිමියන්ගේ ජීවන මට්ටම නංවාලීම සඳහා RIVER ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක්
|
|
පසුගිය සඳුදා (09)වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී, ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රමුඛත්වයෙන්, අමාත්‍යංශ ලේකම්, ප්‍රංශ නියෝජිතයින්, ව්‍යාපෘති කණ්ඩායම්, සහ ශ්‍රී ලංකා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් RIVER ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
RIVER (Improvement of Value Chain & Embedded Smallholders Resilience) ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ කුඩා රබර් වතු හිමියන් 6,000 දෙනෙකුගේ ආර්ථික, සමාජීය, සහ පාරිසරික කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතිය මගින් බඩල්කුඹුර සහ මැදගම ප්‍රදේශවල කුඩා රබර් වතු හිමියන්ට විශේෂිත තාක්ෂණික පුහුණු වැඩසටහන් සහ ඩිජිටල් විසඳුම් ලබා දී, ආදායම් විවිධාකරණය සහ රබර් කර්මාන්තයේ ආරක්ෂිත වැඩ පද්ධති ශක්තිමත් කිරීමට කටයුතු කරයි.
මෙම ව්‍යාපෘතිය ප්‍රංශ තානාපති කාර්යාලය, Michelin Group, සහ ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයගේ සහය සමඟ ප්‍රංශ ආර්ථික අරමුදල් මූල්‍ය ආධාරයෙන් සංවර්ධනය කර තිබේ. Ksapa නම් ප්‍රංශ සංවිධානයක් මඟින් මෙය ප්‍රමුඛත්වයෙන් ක්‍රියාත්මක කරන අතර, රබර් පර්යේෂණ ආයතනය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, සහ රාජ්‍ය-පුද්ගලික හවුල්කරුවන්ගේ සහයෝගයද ලබාගෙන ඇත.
-- අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය --
අමාත්‍යංශ ලේකම් තුමාගේ ITN "හත්වෙනි පැය" සමඟ සජීවී සාකච්ඡාව

අමාත්‍යංශ ලේකම් තුමාගේ ITN "හත්වෙනි පැය" සමඟ සජීවී සාකච්ඡාව..
ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ 60 වැනි සැසිය: පොල් කර්මාන්තයේ ගෝලීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම
![]() |
![]() |
![]() |
![]() |
ජ්‍යාතන්තර පොල් ප්‍රජාවේ (International Coconut Community) 60 වන සැසිවාරය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වුනි. ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, ජැමෙයිකාව, පිලිපීනය, තායිලන්තය, වියට්නාමය ඇතුලු රටවල් 21 ක නියෝජිතයන් 70 දෙනෙකු මීට සහභාගී විය.
දින 7ක් පුරා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති මෙම සැසිවාරයේදී පොල් කර්මාන්තය ආශ්‍රිත නවීන තාක්ෂණය යොදා ගැනීම, වගාව ආශ්‍රිත ගැටලු, වෙළදපල හා අගය එකතුකිරීම, නව පර්යේෂණ හා ජ්‍යාතන්තර සහයෝගීතාවය ආදී විවිධ කරුණු සාකච්ඡා කරනලදී. සැසිවාරයේ ආරම්භය සනිටුහන් කරන ලද්දේ වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසිනි. අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිතුමා ඇතුලු දෙස් විදෙස් ආරාධිතයන් රැසක් මේ අවස්‍ථාව සදහා සහභාගී විය
සැසිවාරයේදී අදහස් දක්වමින් ලෝක පොල් ප්‍රජාවේ විධායක අධ්‍යක්ෂිකා ජෙල්ෆිනා ඇලොයිකා මහත්මිය ඉතා සාර්ථක සැසිවාරයක් පැවැත්වීම සදහා දායකවූ සියලු දෙනාට සිය ස්තූතිය පළ කලාය.