Sri Lanka Tea Board Marks 50 Years of Excellence
Sri Lanka Tea Board Marks 50 Years of Excellence

The Sri Lanka Tea Board celebrates its 50th Anniversary (1976–2026), marking five decades of safeguarding the authenticity, quality, and global reputation of Ceylon Tea.
As the custodian of Sri Lanka’s most iconic export, the Board continues to ensure that every cup reflects purity of origin, rich heritage, and world-class standards.
On this Golden Jubilee, we thank our stakeholders and global partners for their continued trust as we move forward toward a sustainable future for Sri Lanka’s “Green Gold”.
Sri Lanka Tea Board – A Legacy of Purity. A Future of Excellence.
‘පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රබර් වටිනාකම් දාමය සංවර්ධනය ( Rubber Value Chain Development) කිරීමේ දස අවුරුදු මාර්ග සිතියම(Road Map) සකස් කිරීම (2026- 2035) - වැඩමුළුව 2025.10.28 දින


වර්ෂ 150කට ආසන්න ඉතිහාසයක් ඇති රබර් කර්මාන්තය මෙරට අපනයන ආදායමට 8.33%ක දායකත්වයක් දක්වමින්, තෙවැනි විශාලතම අපනයන ආදායම් උපයන කර්මාන්තය ලෙස රබර් කර්මාන්තය 2024 වසරේ ඩොලර් මිලියන 1,001.54 ආදායමක් අත්පත් කරගෙන ඇත.
2017-2025 කාල පරිච්ඡේදය සදහා ‘රබර් මහ සැලැස්ම’ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී මේ දක්වා ක්‍රියාත්මක වෙමින් පවතී. උක්ත සැලැස්ම සකසන කාලවකවානුවට වඩා දේශගුණික වෙනස්කම් , නව රෙගුලාසි ඇතිවීම ( EUDR ), රබර් වගාවේ පවතින රෝග පාලනය කිරීම ඇතුළු රබර් වගාව ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු, සැපයුම් දාමයේ පවතින දුර්වලතාවයන් හේතුවෙන් වගා කරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන සදහා අඩු මිලක් ලැබීම ආදී හේතු මත කුඩා රබර් වගා හිමියන් රබර් වගාවෙන් ඉවත් යවෙමින් පැවතීම තුල නව සැලැස්මක අවශ්‍යතාවය මතුව ඇත. 2026 වර්ෂයේ සිට ඉදිරි දශකය සඳහා රබර් කර්මාන්තයේ ඉදිරි ගමන සැලසුම් කිරීමේ අරමුණින් “රබර් මාර්ග සිතියම” සැකසීම 2025.ඔක්තෝම්බර් මස 28 දින ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී පවත්වන ලදී.
මේ සදහා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන හා ප්‍රතිපත්ති සම්පාදකයින් සම්බන්ධ කර ගනිමින් සමස්ත රබර් කර්මාන්තයටම අදාළව සියළුම අංශ ආවරණය වන පරිදි රාජ්‍ය සේවයේ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් රබර් ක්ෂේත්‍රයේ විශේෂඥ චන්ද්‍රසේන මාලියැද්ද මහතාගේ සම්පත් දායකත්වය මත රබර් මාර්ග සිතියම සකස් කිරීමේ පළමු වැඩමුළුව සාර්ථකව අවසන් කරන ලදී.
මෙම වැඩමුළුව සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය,වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය, කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, කාර්මික හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, ජාතික වැවිලි කළමණාකරන ආයතනය, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, රබර් නිෂ්පාදකයන්ගේ හා අපනයනකරුවන්ගේ ශ්‍රී ලංකා සංගමය, කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය, වැවිලි කරුවන්ගේ සංගමය, තාක්ෂණික වශයෙන් විශේෂීකරණය වූ රබර් නිෂ්පාදකයන්ගේ සංගමය, කුඩා හා මධ්‍ය පරිමාණ රබර් නිෂ්පාදන නිෂ්පාදකයන්ගේ සංගමය, කුඩා රබර් වතු හිමියන්ගේ සංගමය යන රබර් ක්ෂේත්‍රය නියෝජනය වන සියළුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය, පෞද්ගලික ආයතන සම්බන්ධ වන ලදී.
International Tea Symposium 2025
![]() |
The Tea Research Institute of Sri Lanka proudly presents the International Tea Symposium 2025, to be held on 10 & 11 November 2025 at the Cinnamon Grand, Colombo. This global forum will bring together industry leaders, researchers, and experts to explore the future of tea through innovation, sustainability, and lifestyle integration.
The project aims to enhance the quality of education in these districts, supported by a generous financial grant of LKR 508 million from the Government of India and an additional contribution of LKR 115 million from the Government of Sri Lanka.
The keynote address will be delivered by Dr. Rohan Fernando, Managing Director, Aitken Spence Plantation Managements PLC. The symposium will also feature distinguished plenary speakers including international representatives from Kirin Holdings (Japan), Pepsi Lipton, UK Tea and Infusions Association, Tea and Herbal Association of Canada, and Latvia Tea Association.
Key tracks include:
- Innovation in Tea Crop Improvement and Biotechnology
- Competitiveness and Market Trends
- Quality Improvement and Product Innovation
- Gender, Society and Tea
- Sustainable Crop Protection & Climate Resilience
- Technology Transfer in Tea
This event is a landmark opportunity to strengthen Sri Lanka’s position as a global leader in tea while addressing challenges and opportunities in the modern industry.
For inquiries: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | 📞 +94 76 527 99 68
Pre-Budget Discussion 2026 for the Ministry of Plantation and Community Infrastructure
![]() |
![]() |
A review of the projects implemented under the 2025 budget allocations for the Ministry of Plantation and Community Infrastructure, along with a pre-budget discussion for the year 2026, was held this 22nd of August at the Presidential Secretariat under the patronage of President Anura Kumara Dissanayake.
The progress of projects implemented by the 29 institutions coming under the Ministry of Plantation and Community Infrastructure, based on the 2025 budget allocations, as well as the challenges encountered and future plans, were thoroughly examined during the discussion.
A special attention was drawn to the development of coconut cultivation, and the President directed the officials to identify the lands with commercial plantations and to take necessary measures to promote them.
The President, who directed the officials to focus on improving the productivity of existing plantations rather than undertaking new coconut planting, also pointed out the importance of raising public awareness about the existing laws and regulations to optimize the utilization of underutilized coconut estates under private ownership.
The President also informed the officials to develop a plan for the effective utilization of underutilized land owned by the Public Trustee’s Department.
Discussions were also held on the progress of estate housing projects, estate infrastructure, establishment of smart classrooms in estate schools, and community empowerment programs within the estate sector. The President Anura Kumara Dissanayake directed the officials to conduct a comprehensive study on the smart classroom project and submit a detailed report.
Attention was also drawn to research activities in the tea and rubber sectors, while discussions focused on improving the quality and global competitiveness of Ceylon cinnamon products. The President pointed out the potential to promote cinnamon cultivation in the Western Province, and thereby, improve the productivity and optimize land use.
The President underscored the need for a comprehensive assessment of the current landscape, in which many industries are operating below capacity as a result of an artificially constructed market in the country, and called for the formulation of a strategic plan to advance the development of domestic industries.
Attention was also directed toward identifying overlapping functions among the institutions under the Ministry of Plantation and Community Infrastructure, merging the identified institutions, and liquidating the institutions to be liquidated.
The discussion also focused on boosting export revenue in the plantation sector and achieving the set targets.
Attendees
Minister of Plantation and Community Infrastructure: Mr. Samantha Vidyarathna
Secretary to the President: Dr. Nandika Sanath Kumanayake
Secretary to the Ministry of Finance: Dr. Harshana Suriyapperuma
Secretary to the Ministry of Plantation and Community Infrastructure: Mr. Prabath Chandrakeerthi
Senior Additional Secretary to the President: Mr. Russell Aponso
Officials from the Ministry of Plantation and Community Infrastructure and its affiliated institutions
Senior officials from the Ministry of Finance
Island-wide Awareness Program Highlights Nutritional Benefits of Coconut
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Under the coordination of the Department of Coconut and Minor Export Crops of the Ministry of Plantation Industries and Community Infrastructure, a scheduled program series organized by the Coconut Development Authority, aimed at promoting the efficient use and nutritional value of coconut, was successfully held island-wide. The pilot program took place successfully on July 21, 2025, at the auditorium on the 11th floor of the Sethsiripaya Stage II building.
During the program, ten winners were selected through a raffle draw based on correct responses to a question posed following the keynote lecture.
Moreover, a live cooking demonstration was conducted by culinary expert Ms. Nadee Amarasinghe, showcasing how to prepare delicious and nutritious dishes using packaged coconut milk. A special feature of the event was the active participation of officials from the Ministry as well as representatives from various government institutions.
සබඳතා ශක්තිමත් කිරීම: ඇමරිකානු තානාපතිනිය වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හමුවෙයි
![]() |
![]() |
ඇමරිකානු තානාපතිනිය ජුලි චන්ග් ( Julie Chung ) මහත්මිය සමග මාර්තු මස 25 වන දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදි විශේෂ හමුවක් සිදු විය.
එහිදි නව රජය විසින් වතුකර ජනතාවට නිවාස සහ වෙනත් ප්‍රතිලාභ ලබා දීමේ දි පෙර මෙන් පක්ෂ පාට නොබලා සාධාරණව ක්‍රියා කිරිම පිළිබඳව තනාපතිනිය සිය ප්‍රසාදය පල කළාය. එමෙන්ම ඉදිරියේදි මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා තේ, පොල්, රබර් යන ක්ෂේත්‍රයන්වල සිදු කල යුතු නව්‍යතාවන් පිළිබඳව ද මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සම්බන්ධතා වර්ධනය කර ගැනිමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් තනාපතිනිය අවධාරණය කළාය.
නව රජයේ මැති ඇමතිවරු අඳින ඇදුමෙන් පවා පෙනෙන්නේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම වැඩකට සුදානම් යන්න තමාට හැඟෙන බවත් ඒ පිළිබඳ තමා අතිශය සතුටට පත්වන බවත් තානාපතිනිය මෙහිදි සඳහන් කළාය. තම දෙමාපියන්ද කොරියාවේ සම්භවයක් සහිතව ඇමරිකාවට පැමිණ ඉතා දුෂ්කර තැනකින් ජිවිතය පටන් ගත් අය බවත්, තමාද එම දුෂ්කරත්වය අත්විඳ අද තනාපතිනියක් දක්වා පැමිණි බව සඳහන් කර ජුලි චන්ග් මහත්මිය බදුල්ල වැනි දුෂ්කර පළාතක සිට අති දුෂ්කරව ජීවිතය පටන්ගෙන අදවන විට රටට වැඩ කරන අමාත්‍යවරයකු ලෙස කටයුතු කිරිම පිළිබඳ සතුට පල කල ඇය දෙරට අතර මිතුදම තවදුරටත් ශක්තිමත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් සඳහන් කළාය.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තී මහතා සහ තනාපති කාර්ය මණ්ඩල නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
වතුකරයේ පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර 60ක් ස්ථාපිත කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
![]() |
![]() |
![]() |
![]() |
වතුකර පාසල් සඳහා smart class room ( ස්මාර්ට් පන්ති කාමර) 60ක් ඉදි කිරිම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම අද (16) දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් "ප්‍රභාත් චන්ද්‍රකීර්ති" මහතා සහ ඉන්දිය මහ කොමසාරිස් "සන්තෝෂ් ජා" මහතා විසින් ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේදි සිදු කරන ලදි.
මෙරට වතුකර ප්‍රජාවන්හි ඩිජිටල් පරතරය පියවීම සඳහා ගත හැකි පියවරක් ලෙස නුවර එළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල වතුකර පාසල් සඳහා මෙම ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරිමට සැලසුම් කර ඇත. වතුකර පාසල්හී අධ්‍යාපනයේ ගුණාත්මකතාවය ඉහළ නැංවීම මෙහි තවත් සුවිශේෂි අරමුණක් වන අතර ඒ සඳහා ඉන්දිය රජයෙන් ත්‍යාගශීලි මුදල් අධාරයක් ලෙස රුපියල් මිලියන 508 ක් ලබා දී ඇත. එමෙන්ම මෙම ස්මාර්ට් පන්ති කාමර ස්ථාපිත කිරිම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් රුපිලියල් මිලියන 115ක මුදලක්ද වෙන්කොට ඇත.
අධ්‍යාපනය සහ තාක්ෂනය තුළින් අනාගත පරම්පරාව සවිබල ගැන්වීම සඳහා දෙරට කටයුතු කරන බැවින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගැඹුරු මුල් බැසගත් මිත්‍රත්වය සහ සහයෝගිතාවය මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම මගින් අවධාරනය කෙරේ. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙම මුලපිරිම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ අපගේ වතුකර ප්‍රජාවන්හී ඩිජිටල් පරතරය පියවීම සඳහා සුවිශේෂි පියවරක් ලෙසද අවධාරණය කළේය.
අදාළ ස්මාර්ට් පන්ති කාමර ලබාදීමේ ව්‍යාපෘතියට අනුව, මධ්‍යම සහ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සමඟ සහයෝගයෙන් පාසල්වල පවතින පන්ති කාමර ස්මාර්ට් පන්ති කාමර බවට ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවත්, මෙම සුදානම් කිරිමේ කටයුතු මඟින් විෂය මාලාවට ඩිජිටල් ඉගෙනුම් මෙවලම් බාධාවකින් තොරව ඒකාබද්ධ කිරීම සඳහා කටයුතු සුදානම් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් සඳහන් කළේය.
එමේන්ම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරිම සහතික කිරිම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය සහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමගද සහයෝගයෙන් කටයුතු කරන බවද අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් "ප්‍රභාත් චන්ද්‍රකීර්ති" මහතා, ඉන්දිය මහ කොමසාරිස් "සන්තෝෂ් ජා" මහතා ඇතුළු අමාත්‍යාංශ සහ මහකොමසාරිස් කාර්යාල නිළධාරින් පිරිසක්ද සහභාගී විය.


















