
2016.10.06 දිනැති අංක 2196/27 දරන ඇති විශේෂ ගැසට් පත්‍රය අනුව අමාත්‍යාංශයට පවරා ඇති රාජකාරි හා කාර්යයන් :
විෂයපථය
පර්යේෂණාත්මක විධි ක්රමයන් නව තාක්ෂණික මෙවලම් හා ප්රශස්ත භූමිය උපයෝජනය හරහා අගය එකතු කරන ලද නිෂ්පාදන විවිධාංගීකරණයක් තුළින් අපනයන වෙළඳපළ ආකර්ශනය කර ගැනීම ඉලක්ක කර ගනිමින් සමස්ත වැවිලි ක්ෂේත්රය නව මානයක් වෙත යොමු කිරීම.
කාර්යයන් හා කර්තව්‍යයන්
සෞභාග්‍යයේ දැක්ම “ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව සහ රජය මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වෙනත් ජාතික ප්රතිපත්තීන් මත පිහිටා ”නව තාක්ෂණය මුසු වු අපනයන කේන්ද්‍රීය වැවිලි කර්මාන්තයක් ” ඇති කිරීම සඳහා අදාළ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ප්‍රතිපත්තිමය මගපෙන්වීම සිදු කිරීම සහ නියමිත නීති සහ අණපනත්වලට අනුකූලව වැවිලි විෂයයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය, ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන් හා කාර්යයන් හා ඊට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරිම, පසු විපරම් කිරිම හා ඇගයීම
.සුවිශේෂී ප්‍රමුඛතා
- තේ, රබර් සහ පොල් වගා කර ඇති ඉඩම් කැබලි කර ජනාවාස බවට පත් කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීම හ එම ඉඩම් උපරිම ලෙස වැවිලි හා අතුරු වගා සංවර්ධනය සදහා යොදා ගැනීම
- රජ්‍ය හා පෞද්ගලික වැවිලි සමාගම් සතු ඉඩම් උපරිම ලෙස වගා විවිධාංගීකරණයට ලක් කිරීම හා ආශ්රිත කර්මාන්ත දියුණු කිරීම
- නව තාක්ෂනය හදුන්වා දෙමින් තේ කර්මාන්තයේ සංවර්ධනය සදහා අවශ්‍ය දායකත්වයක් සැපයිය හැකි ආකාරයට තේ පර්යේෂණ ආයතනය ප්‍රතිසංවිධානය කිරීම
- මහා පරිමාණ තේ තොග අපනයනය වෙනුවට වටිනාකම් එකතු කළ ආකාරයෙන් තේ අපනයනය දිරිමත් කිරීම
- රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සහයෝගීත්වයෙන් Ceylon Tea සදහා තේ වෙළදපොල පුළුල් කිරීම
- දේශීය පිරිසිදු තේ ශ්‍රී ලංකාවේ අනර්ඝතම නිෂ්පාදනයක් ලෙස ජාත්‍යන්තර වෙළදපොල තුළ ප්‍රවර්ධනය කිරීම