වැවිලිකරුවන්ගේ පහසුව උදෙසා ආයතනික කටයුතු විධිමත් කිරීමත් වැවිලිකරුවන්ගේ සියලූම අවශ්‍යතාවයන් එකම වහලක් යට පහසුවෙන් සිදුකරගැනීම වෙනුවෙන් දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ කාර්‍යාල ජාලයේ පලමු ආදර්ශ කාර්‍යාලය 2022.11.01 දින වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ  මැතිතුමාගේ සහ තාක්ෂණ රාජ්‍ය  අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.


වැවිලි රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා මෙහිදී ප්‍රකාශ කර සිටියේ රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුන පා සිටියත්, ජනතාවගේ සුභසිද්ධිය හා පහසුව වෙනුවෙන් තම අමාත්‍යාංශයට අයත් ආයතන හරහා ජනතාවට ලබා දිය හැකි උපරීම සහන හා සේවාවන් සිදුකිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමා සමඟ එක්ව කල හැකි සියලුම ක්‍රියාවන් ක්‍රියාත්මක කරන බවත් , ප්‍රතිපත්තී පදනම් කරගත් අත්‍යවශ්‍ය තීරණ කඩිනමින් ගන්නා බවත්ය. තවද වැවිලි අමාත්‍යාංශය හරහා තවත් ආයතන මට්ටමින් ආරම්භ කල හැකි මෙවැනි 'One Stop Shop' ජාලය රට පුරා ආරම්භ කිරීමට කටයුතු කරන බවය. ඒ තුලින් ජනතාවගේ වැඩකටයුතු පහසු වීමත් රස්තියාදුව අවම වන බව අමාත්‍යතුමා අවධාරණය කලහ.


වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිදුන්ගේ පූර්ණ මෙහෙයවීමෙන් හා එවකට සිටි වැවිලි රාජ්‍ය අමාත්‍ය ගරු කනක හෙරත් මැතිතුමාගේ යෝජනාවකට අනුව මීට වසරකට ඉහතදී මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇත. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මෙහි ඉදිකිරීම් සඳහා වියදම් කල ඇති මුදල රුපියල් මිලියන 50කි.


ඒ සමඟ මෙහිදී කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මඟින් කුඩා තේවතු හිමියන් හට ලබාදෙන උපකරණ කට්ටල බෙදාදීම සංකේතාත්මකව අමාත්‍යතුමාගේ අතින් සිදු කෙරිණි.
මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිතිතුමා ඇතුලු නිළධාරීන් හා ප්‍රතිලාභීන් රැසක් එක්ව සිටියහ.

ගෙදරට අවශ්‍ය පොල් ගෙවත්තෙන්ම නිෂ්පාදනය කරගනිමින් , පොල් වගාබිම්වල ඵලදාව වානිජ ආර්ථිකයක් කරා යොමු කිරීමට සෑම නිවසකටම ගුණාත්මයෙන් ඉහල දෙමුහුන් පොල් ප්‍රභේද පැළ 2 ක් ලබාදීමේ අරමුණ ඇතිව  ' ගෙදරට පොල් ගෙවත්තෙන් ' වැඩසටහන මේ වනවිට රටපුරාම ක්‍රියාත්මක වෙයි.


ගාල්ල දිස්ත්‍රික්කයේ කිතුලම්පිටිය , කලේගාන , මීපාවල සහ ලබුදූව ප්‍රදේශයන් මුල්කොට එම වැඩසටහන වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි. එහිදී සෑම නිවසකටම ගුණාත්මයෙන් උසස් දෙමුහුන් පොල් පැළ දෙක බැගින් ලබාදුන් අතර පොල් පර්යේෂණ ආයතනය එළිදක්වනු ලැබූ ' කප්රුක අත්පොත ' ග්‍රන්ථයත් ලබාදීම සිදුකෙරිණි. එම අත් පොත මගින් ජනතාවට පොල් වගාව පිළිබඳවත්, පොල් වගා කිරීමේ තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳවත්, පොල් වගාව ආශ්‍රිතව මතුවන උවදුරු හා ඉන් වගාව අත් මුදවා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳවත්, දැනුවත් භාවය ලබා ගත හැකිවෙයි.


කිතුලම්පිටිය ග්‍රාමය මුල්කොට ගෙන කිතුලම්පිටිය ආනන්ද පිරිවෙනේදී පැවැත්වූ පොල් පැළ බෙදාදීමේ වැඩසටහනට සමගාමීව පොල් පර්යේෂණ ආයතනයේ (CRI ) නිළධාරීන් විසින් පොල් පැල සිටුවන ආකාරය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරිණි.

 

වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සැප්තැම්බර් මස 29 වන දින ගාල්ල දිස්ත්‍රික්කය මුල්කොට ගෙන නියාගමදී  කිතුල් නිෂ්පාදකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින්, ඉහළ ගුණාත්මයෙන් යුතු කිතුල් නිෂ්පාදන වෙළෙඳපොළට එක් කිරීම අරමුණු කර ගනිමින් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන නිෂ්පාදකයන් වෙත ආරක්ෂිත උපාංග කට්ටල ප්‍රධානය කිරීම සිදු කරන ලදී.


එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය , නියාගම , නෙළුව , තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මුල්කොට ගෙන කිතුල් නිෂ්පාදනය ගම්මානවල කිතුල් ආශ්‍රිත නිෂ්පාදකයන් 300 කට පමණ ප්‍රමාණයකට ආරක්ෂිත උපාංග කට්ටල ප්‍රදානය කිරීම සිදුකෙරිණි. එම උපාංග කට්ටලයන්ට ආරක්ෂිත හිස්වැසුම් , විශේෂ භාජනයන්, විදුලි පන්දම් , වැහි කබායන් ආදි ද්‍රව්‍යයන් අන්තර්ගත විය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ ලෝකයේ ස්වභාවික සීනි අඩංගු ද්‍රාවණයන් අතර කිතුල් පැණි සුවිශේෂීත්වයක් දක්වන බවත් , එම ගුණාංගයන් මුල්කොට ගෙන ඉදිරියේදී ලෝකය තුළ කිතුල් පැණි වඩාත් ප්‍රචලිත කරමින් අපනයන ආදයම ප්‍රවර්ධනය කරගත හැකි බවයි. එමෙන්ම කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සියල්ල වානිජ මට්ටමෙන් ප්‍රවර්ධනය කිරීමට කිතුල් සංවර්ධන මණ්ඩලය හරහා සැලසුම් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් , එය කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් කිතුල් වගාවේ උන්නතිය උදෙසා ගුණාත්මයෙන් ඉහල කිතුල් ප්‍රභේද හදුන්වාදීමට විවිධ පර්යේෂණයන් සිදුකරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේය.


මෙම අවස්ථාවට අමාත්‍යංශ නිළධාරින් , කිතුල් සංවර්ධන මණ්ඩලයේ සභාපති නීතිඥ ගිහාන් පෙරේරා ඇතුළු නිළධාරින් , ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිළධාරින් , ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

2019 වර්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මුල්වරට වාර්තා වුනු මෙරට පොල් වගාවට හානිදායක සුදු මැස්සා මර්ධනය කිරීමේ වැඩසටහන ගම් මට්ටමෙන් ඇරඹීම සිදුවෙයි. වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදේශකත්වයෙන් පොල් පර්යේෂණ ආයතනයත් , පොල් වගා කිරීමේ මණ්ඩලයත්  එක්ව මෙම වැඩසටහන දියත් කෙරෙයි. එම වැඩසටහනේ මාලාවේ තවත් අදියරක් රාගම බටුවත්තේදී ඔක්තෝබර් 6 වෙනිදා සිදුකෙරිණි.

එහිදී සුදු මැස්සා උවදුර පිළිබඳව ජනතාව මූලිකව නිදර්ශන සහිතව දැනුවත් කෙරිණි. එමෙන්ම සුදු මැස්සා මර්ධනයට යොදා ගත හැකි කෘමි නාශක පිළිබඳවත්, ඒවා යොදා ගන්නා මාත්‍රාව සහ ක්‍රමවේදය පිළිබඳවත් දැනුවත් කෙරිණි. එයට අමතරව එහිදී ප්‍රායෝගිකව පෙන්වා දෙනු ලැබුවේ සබන් දියර සමග කොහොඹ තෙල් මිශ්‍ර කොට සුදු මැස්සා මර්ධනයට යොදා ගත හැකි ආකාරය පිළිබඳවයි. මෙම මිශ්‍රණය පොල් පත්‍රිකාවල යට පැත්ත හොදින් තෙමෙන සේ සති දෙකකට වරක් මාස 2 ක් ඉසීමෙන් සුදු මැස්සන් මර්ධනය කල හැකි බවත් එයට අමතරව ග්‍රීස් ආලේප කල කහ පැහැති පොලිතින් පොල් ගසේ කද වටා එල්ලා තැබීමෙන් සුහුඹුල් මැස්සන් ආකර්ශනය මර්ධනය වන බවත් එහිදී සදහන් කෙරිණි.

සුදු මැස්සා ඇතුළු පොල්වගාව වෙනුවෙන් මතුවන ගැටළු සදහා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පොල් පර්යේෂණ ආයතනය මේවනවිට 1928 ලෙසින් හදිසි ඇමතුම් අංකයක් ස්ථාපිත කොට ඇති අතර 0704001928 ලෙසින් වට්ස්ඇප් අංකයක්ද හදුන්වා දී තිබෙයි. එම වට්ස්ඇප් අංකයට පොල්වගාවට මතුවන රෝග හෝ උවදුරු ඡායාරූප ගත කර එවීමෙන් ඒ පිළිබඳව මූලික අවබෝධයක් ජනතාවට ලබාගත හැකිවෙයි.

මෙම සුදු මැස්සා උවදුර පිළිබඳව ප්‍රායෝගිකව දැනුවත් කිරීමේ අවස්ථාවට පොල් පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු පොල් පර්යේෂණ ආයතනයේ නිළධාරින් , පොල්වගා කිරීමේ මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය කලමනාකාර කපිල හෙට්ටිආරච්චි මහතා ඇතුළු රේඛීය ආයතනවල නිළධාරින් රැසක් එක්ව සිටියහ. මෙම සුදු මැස්සන් මර්ධන වැඩසටහන් සුදු මැස්සා උවදුර හදුනාගත් දිස්ත්‍රික්කවල මේවනවිට අඛණ්ඩව ක්‍රියාත්මක වීම සිදුවෙයි.

 

තල් සංවර්ධන මණ්ඩලය විසින් යාපනයේ තල් පර්යේෂණ ආයතන පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ නව ගොඩනැගිල්ල විවෘත කිරීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තෙ මහතාගේ සහභාගිත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ඔක්තෝබර් 13 ) සිදුකෙරිණි.


එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කලේ උතුරු පළාතේ සාම්ප්‍රදායික කර්මාන්තයක් ලෙසින් පැවත එන තල් කර්මාන්තය වානිජ මට්ටමෙන් ඉහළට ඔසවා තැබීමට තල් සංවර්ධන මණ්ඩලයත් , තල් පර්යේෂණ ආයතනයත් එක්ව වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම තල් ආශ්‍රිත විවිධ නිෂ්පාදනයන් රැසක් මෙන්ම තල් ආශ්‍රිත මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්තයටත් යොමුවීමට අවශ්‍ය අධ්‍යනයන් කඩිනමින් සිදුකරමින් සිටින බවත් පැවසීය. එයට අමතරව තල් කර්මාන්තය ප්‍රවර්ධනයෙන් අත්වන ආර්ථික ප්‍රතිලාභයන් එම කර්මාන්තයේ නියැලෙන 12000 කට අධික ජනතාවගේ දුවා දරුවන් වෙනුවෙන් තල් සංවර්ධන මණ්ඩලය හරහා අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේය. අවසාන වශයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය.


" අපි එක රටක ජීවත්වන සහෝදර ජනතාවක්. අපට උතුර දකුණ කියල වෙනසක් නැහැ. එනිසා අපි ආණ්ඩුව විදියට උතුරේ ජනතාවගේ ජීවන අභිවෘද්ධිය වෙනුවෙන් කලයුතු සියල්ල කිරීමට බැදී සිටිනවා. ඒ වෙනුවෙන් අපි සියළු කටයුතු සිදු කරනවා "


මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නිළධාරින් , යාපනය දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිළධාරින් ,තල් සංවර්ධන මණ්ඩලයේ , තල් පර්යේෂණ ආයතනයේ සභාපතිවරුන් ඇතුළු නිළධාරින් , උතුරු පළාත් දේශපාලන අධිකාරිය ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

 

වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ මෙරට නෙදර්ලන්ත තානාපතිනිය වූ (H.E)Bonnie Horbach මහත්මිය අතර මෙම විශේෂ රාජ්‍ය තාන්ත්‍රික හමුව පසුගියදා වැවිලි කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුවිය.
දෙරට අතර කෘෂිකර්මය ආශ්‍රිතව නව ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබදවත්, මෙරට සාම්ප්‍රදායික කෘෂිකාර්මික පිළිවෙත් මෙන්ම නෙදර්ලන්තය තුළ ඇති නවීන තාක්ෂණික ක්‍රම එම සම්ප්‍රදායික කෘෂිකර්මාන්තය සමග මුසු කර ඉහළ ප්‍රතිපල ලබා ගැනීමේ නව ව්‍යපෘති සම්බන්ධවත් මෙහිදී මූලිකව අවධානය යොමු විය.

එමෙන්ම වැවිලි කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරෙහිද දෙපාර්ශවයේ අවධානය යොමු විය. එයට අමතරව රසායනික පොහොර භාවිතය අඩු කර කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි වැඩ පිළිවෙල සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු විය.
 
නෙදර්ලන්තයේ විවිධ කර්මාන්ත සදහා විශේෂයෙන් චොකලට් ඇතුළු විවිධ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී අවශ්‍ය වන පොල්තෙල් මෙරටින් ආනයනය කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමටත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
 එමෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා නෙදර්ලන්ත සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබදවත් සාකච්ඡා කෙරුණු අතර සංචාරක කර්මාන්ත වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇති ඉහළ විභවතාවය පිළිබඳව තනාපතිනියගේ ප්‍රශංසාවට ලක්වීමද සිදුවිය.

මෙහිදී අමාත්‍යවරයා මෙරට නිදහස් සෞඛ්‍ය මෙන්ම ජනතාවගේ පෝෂණ තත්වයන් පිළිබඳව පැහැදිලි කරමින්,රටේ ආර්ථික තත්වය සහ ජිවන වියදම පිළිබදවත් ,රුසියානු - යුක්‍රේන යුද්ධය නිසා ලෝක වෙළදපොළ තුළ ඉන්ධන, තිරිගු පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ශ්‍රී ලංකාවටද බලපා ඇති ආකාරයත් , චීනය, ජපානය සහ ඉන්දියාව අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ මිත්‍ර රටවල් නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ඔවුන් විසින් සුභවාදී ප්‍රතිචාර දක්වා ඇති බවත් තානාපතිනිය වෙත පෙන්වා දීම සිදුකෙරිණි.

ඉතා ඉහළ අධ්‍යාපන තත්වයක් සහ තොරතුරු තාක්ෂණ හැකියාවක් ඇති ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගයද සමගින් නැවත මැදි අදායම් ලබන රටක් ලෙස පෙර පැවති තත්වයට ඉක්මනින් පැමිණීමට හැකිවනු ඇති බවට මෙහිදී තානාපතිනිය තම විශ්වාසය පල කළාය.
මෙම අවස්ථාවට නෙදර්ලන්ත කෘෂිකර්ම උපදේශක Michiel van Rrkel , ජ්‍යේෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක නිෂාන් දිසානායක ඇතුළු සම්භාවනීය පිරිසක් එක්වූහ.

මෙහිදී තේ කර්මාන්තයේ පාර්ශවකරුවන් හට වඩාත් යහපත් ප්‍රවේශයක්, කාලින විශ්ලේෂණ සහ ව්‍යාප්ති සේවයක් ලබාදීමේ මූලික පර්මාර්ථය යථාවත් කරමින් සාර්ථකව ස්ථාපනය කරන ලද මෙම ජංගම විද්‍යාගාරය සහ ව්‍යාප්ති සේවය තුළින් කුඩා තේ වතු හිමියන්ට ඔවුන්ගේ වගා ක්ෂේත්‍රය තුළදීම තේ වගාවේ පාංශු තත්වයන්, රෝග පිළිබඳව සොයා බැලීම් ආදි විද්‍යාගාර තාක්ෂණික කටයුතු සිදුකර ගත හැකිවෙයි. එය තේ කර්මාන්තයේ අභිවෘද්ධියට මහත් පිටුවලයක් වෙයි.

මෙරට වැවිලි කර්මාන්තය, කෘෂි කර්මාන්තය දීර්ඝ කාලයක සිට වර්ධනය වී තිබු නමුත්, කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවට අවශ්‍ය දැනුම හා කුසලතාවය අධ්‍යාපන පද්ධතිය තුළින් විධිමත් ලෙස සම්ප්‍රේශනය වී නොමැති බැවින් වෘත්තියාභිමුඛ අධ්‍යාපන ක්‍රමවේදයක් වෙත යොමුව ඒ හරහා ආර්ථිකය ශක්තිමත් කල යුතුව බව ගරු වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා 2022.09.09 දින රත්නපුර  ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේදී එහි ජංගම විද්‍යාගාරය සහ ව්‍යාප්තිය සේවය එලි දැක්වීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් ප්‍රකාශ කරන ලදී. මෙය පැවැත්වුනේ කුඩා තේ වතු හිමියන් උදෙසා පැවැත්වෙන 42 වන පර්යේෂණ හා ව්‍යාප්ති සේවයට සමගාමිවයි.

මෙම අවස්ථාවට අමාත්‍යංශ නිළධාරින්, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිළධාරින්, කුඩා තේවතු හිමියන්, වතු ආශ්‍රිත සමිති සාමාජිකයන්, තේ කර්මාන්තයේ නියැලෙන්නන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.